ප්‍රමුඛ පුවත 1

මැති ඇමතිවරුන්ට අතිරේක ප්‍රතිපාදන සැපයීමට තවත් පරිපූරක ඇස්තමේන්තුවක්

(උදයම්,කොළඹ)  –  මැති ඇමතිවරුන්ට අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

වාහන මිලදී ගැනීම,නිවාස අලුත්වැඩියා කිරීම වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව හදිසියේ මුදල් වෙන් කර ගැනීම මෙහි අපේක්ෂාව බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

රුපියල් 14 කෝටි හතලිස් දෙලක්ෂයකට අධික මෙම පරිපුරක ඇස්තමේන්තුව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත්නකර තිබේ.

විසර්ජන පනතේ 6(1) වගන්ති විධිවිදාන යටතේ මෙම ප්‍රතිපාදන සපයනු ලබයි.

අදාළ වියදම් ඒකකයන්හි අනුමත අයවැය ඇස්තමේන්තුවල විශේෂයෙන් දක්වා ඇති අවශ්‍යතා සඳහා ඇගයීමක් කිරීමෙන් අනතුරුව, අදාළ මුදල් රෙගුලාසි සහ අනුමත විධිවිදාන වලට යටත්ව පමණක් මෙම ප්‍රතිපාදන සැපයීමට නියමිතය.

Related posts

රාගම කොල්ලයේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට(වීඩියෝ)

Mohamed Dilsad

මන්ත්‍රී දිනේශ් ඇතුලු 9 දෙනෙකුට නොතීසි

Mohamed Dilsad

ඊජිප්තු ජනරජයේ 66 වැනි නිදහස් දින සැමරුම කොළඹදී

Mohamed Dilsad

Leave a Comment