ව්‍යාපාරික

නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ඇරඹීමට සැලසුම්

(උදයම් ,කොළඹ)  –  සීනි කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙන බවත් මොණරගල බදුල්ල අම්පාර මඩකළපුව ත්‍රිකුණාමලය හා කිළිනොච්චි යන දිස්ත්‍රික්කවල නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන  බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සීනි කර්මාන්තය පිළිබඳව රජයේ වැඩපිළිවෙල කුමක්දැයි   පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය. පැනයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

සීනි කර්මාන්තය සඳහා යොදා ගත හැකි ඉඩම් හෙක්ටයාර් 28 568ක් පවතිනවා. මේ වනවිට හිඟුරාන සීනි කර්මාන්තශාලාවේ වත්කම් වගකීම් නිරවුල් කිරීමට කටයුතු කර තිබෙනවා. සීනි කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙනවා.මොණරගල බදුල්ල අම්පාර මඩකළපුව ත්‍රිකුණාමලය හා කිළිනොච්චි යන දිස්ත්‍රික්කවල නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තවත් ව්‍යාපෘති කීපයකට පාරිසරික ඇගයිම් වාර්තා සකස් කර තිබෙනවා.මොනරාගල ඇතිමලේ සීනි කර්මාන්ත ව්‍යාපෘතිය,බිබිල මහියංගනය රිදීමාලියද්ද මැදගම මඬුල්ල හා මා ඔය ප්‍රදේශ ආවරණය වන බිබිල සීනි ව්‍යාපෘතිය,කන්තලේ සීනි කර්මාන්ත ශාලාව,සම්බන්ධයෙන් පාරිසරික ඇගයීම් සිදු කරමින් පවතිනවා.

ඌව වෙල්ලස්ස සීනි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඇගයුම් සමීක්ෂණයට අනුව ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක තොරතුරු තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව කොන්දේසි සහිතව අනුමැතිය ලැබී තිබෙනවා.මේ සීනි කර්මාන්ත ව්‍යාපෘති පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

Related posts

උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවීමට පියවර

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක මත්ස්‍ය අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment