ප්‍රමුඛ පුවත 1

පේරාදෙණිය හා මහනුවර රෝහල් වල සේවක වර්ජනයක්

(උදයම්,මහනුවර)  –  පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨයේ සිසුන්ට පේරාදෙණිය හා මහනුවර රෝහල් තුළ සායනික පුහුණුව ලබාදීම නවතා දැමීමට එරෙහිව හෙට (07) දිනයේ පැය 24 ක වැඩවර්ජනයක් අදාළ රෝහල් දෙකෙදි සිදුකරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

එ අනුව මෙම කාලය තුළ  රෝහල් දෙකේ සේවය කරන ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, භෞත චිකිත්සක නිලධාරීන් වෘත්තීය චිකිත්සක් නිලධාරීන් රාජකාරියෙන් ඉවත්ව සිටිමට කටයුතු කරන බවත් එම සංගමයි කියයි.

එම රෝහල් දෙකේ සායනික පුහුණුව ලබානොදීම නිසා මෙම සිසුන්ට කුරුණෑගල, ගම්පොළ, කෑගල්ල, කොළඹ, ප්‍රදේශවල රෝහල්වලට ගොස් සායනික පුහුණුව ලබාගැනීමට සිදුව තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

Related posts

සතොස,අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය සමඟ ගිවිසුමකට එළඹෙයි

Mohamed Dilsad

එජාප රථවාහන පෙළපාලිය හේතුවෙන් රථවාහන තද බදයක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment