ප්‍රමුඛ පුවත 1

හක්ක පටස් බෝම්බයකට වව්නියාවේ වල් අලියෙකු බිලි වෙයි

(උදයම්,වවුනියාව)  – වව්නියාව සාලම්බකුලම් පූවර්සන්කුලම් පොලිස් වසමේ ඉලුප්පයිකුලම් වැව් රක්ෂිතයේ හක්ක පටස් බෝම්බයකට හසු වීමෙන් මිය ගිය වල් අලියෙකුගේ සිරුරක් හමු වී ඇත.

දින ගණනකට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද හක්ක පටස් බෝම්බයකට මෙම වල් අලියා ගොදුරු වී ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.

හක්ක පටස් බෝම්ය වල් අලියාගේ මුඛයේ පුපුරා යාම නිසාවෙන් කෑම ආහාරයට ගැනීමට නොහැකිව සිටියදී වනජීවි නිලධාරීන් වල් අලියාට ප්‍රතිකාර කිරීමට උත්සහ දැරුවද එම උත්සහය අසාර්ථක වී ඇති අතර පසුව ඉලුප්පයි කුලම් වැව් රක්ෂිතයේ මිය ගෙස් සිටියදී එම වල් අලියාගේ සිරුර හමු වී ඇත.

මුඛයේ සිදු වූ තුවාලය නිසාවෙන් අලියාට දින ගණනක් ආහාර ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බවට වව්නියාව වනජීවි නිලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ.

Related posts

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව වෝහාරික විගණන පරීක්ෂණ

Mohamed Dilsad

උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

මහනුවර සිද්ධියට සම්බන්ධ 280 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment