ප්‍රමුඛ පුවත 1

කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද වර්ජනයේ

(උදයම්,කොළඹ)  –  සයිටම් වෛද්‍ය උපාධි ආයතනයේ ගැටලුවලට සාධාරණ විසඳුමක් අපේක්ෂා කරමින් කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද (29) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

එ අනුව අද (29) දිනයේ ඉගැන්වීමේ හා පරිපාලන කටයුතුවලින් ඉවත්වන එම සංගමය පහත ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකර සිටියි.

  •  සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීම
  • සයිටම් ආයතනයට ලබා දුන් උපාධි ප්‍රදානය කිරීමේ බලය ඉවත් කිරීම.
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනය පිළිබඳව 2015/09/04 දින ඉදිරිපත් කළ නිර්දේශයන් සඳහා නීතිමය වලංගුභාවය ලබා දීම.
  • සයිටම් ආයතනයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුකූලතා සහතිකය ප්‍රදානය කර නොමැති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම.
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සඳහා නීතිමය භාවය ලබාදීම.
  • සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ට ලබා දිය හැකි විසඳුම් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීම.

Related posts

ශිෂ්‍යත්ව විභාගය සමතුන්ගේ පාසල් ලේඛනය නිකුත් වෙයි

Mohamed Dilsad

අවුරුදු සමයේ වැටලීම් 3555ක්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment