ප්‍රමුඛ පුවත 1

කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද වර්ජනයේ

(උදයම්,කොළඹ)  –  සයිටම් වෛද්‍ය උපාධි ආයතනයේ ගැටලුවලට සාධාරණ විසඳුමක් අපේක්ෂා කරමින් කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද (29) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

එ අනුව අද (29) දිනයේ ඉගැන්වීමේ හා පරිපාලන කටයුතුවලින් ඉවත්වන එම සංගමය පහත ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකර සිටියි.

  •  සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීම
  • සයිටම් ආයතනයට ලබා දුන් උපාධි ප්‍රදානය කිරීමේ බලය ඉවත් කිරීම.
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනය පිළිබඳව 2015/09/04 දින ඉදිරිපත් කළ නිර්දේශයන් සඳහා නීතිමය වලංගුභාවය ලබා දීම.
  • සයිටම් ආයතනයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුකූලතා සහතිකය ප්‍රදානය කර නොමැති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම.
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සඳහා නීතිමය භාවය ලබාදීම.
  • සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ට ලබා දිය හැකි විසඳුම් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීම.

Related posts

අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ අංශයෙන් රැකියා ලක්‍ෂ 02 ක්

Mohamed Dilsad

කෝටි 7ක රත්‍රන් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති විසින් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment