ප්‍රමුඛ පුවත 1

මුදල් ඇමති ප්‍රාදේශීය වෙළෙඳ සංගම් නියෝජිත හමුවෙයි

(උදයම්,කොළඹ)   –  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පළාත් ව්‍යවසායකත්ව මණ්ඩලය යටතේ වන ප්‍රාදේශීය වෙළෙඳ සංගම් නියෝජිත හමුවක් ඊයේ (28) මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණි.
බදු ගණනය කිරීම සහ බදු ගෙවීම සම්බන්ධයෙන් තමන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී එම නියෝජිතයෝ අඳහස් පළ කළහ.
සුළු ව්‍යාපාරිකයන් බදු ගෙවීමේ දී මුහුණදෙන ගැටලුවලට ඉදිරි අයවැය මගින් විසඳුම් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී කියා සිටියේය.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Related posts

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප…

Mohamed Dilsad

“ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ” – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

Mohamed Dilsad

ජනාධිපති සහ නව ගුවන් හමුදාපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment