Trending News

 ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ අරමුණින් නව එන්නතක්

(උදයම්,කොළඹ)   –  වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන් සඳහා නව එන්නතක් හඳුන්වාදීමට සුදනන් වෙයි.

ඒ  ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ අරමුණිනි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙම එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වාදීම ජුලි මස 03 වනදා සිදු කිරීමට කටයුතු යොදා ඇත.

හියුමන් පැපිලෝමා වෛරස එන්නත මෙලෙස ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් 1000ට ආසන්න සංඛ්‍යාවක් ගැබ් ගෙල පිළිකා තත්ත්වයන්ට ගොදුරු වන අතර ඊට හේතු කාරක වන හියුමන් පැපිලෝමා වෛරස ආසාදන වළක්වන HVP එන්නත ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ එක් ක්‍රමවේදයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන් සඳහා පාසල් එන්නත් කරන වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගැබ්ගෙල පිළිකා මෙරටින් තුරන් කිරීම එහි අරමුණයි.

Related posts

சிங்கத்தை வேட்டையாடி புகைப்படம் எடுத்துக் கொண்ட இளம்ஜோடி (video)

Mohamed Dilsad

அமைதியான நாடுகளின் பட்டியலில் இலங்கை முன்னேற்றம்

Mohamed Dilsad

Ireland labour to Six Nations win in Italy

Mohamed Dilsad

Leave a Comment