ප්‍රමුඛ පුවත 1

නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘතයි

(උදයම්,මහනුවර )  –  මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka  ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(26) විවෘත කෙරිණි.

සීමා සහිත Celogen Lanka  ආයතනය වාර්ෂිකව ඝන හා මෘදු ජෙලටින ඖෂධ කැප්සියුල, ටැබ්ලට් මිලියන 1900ක් පමණ නිෂ්පාදනය කරනු ලබන ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති විශාල ඖෂධ නිෂ්පාදනාගාරයකි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද සීමා සහිත Celogen Lanka  ආයතනයේ සභාපති වී.නඩරාජා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

එජාපය බහුතරයක් ලබා ගැනීමට සන්ධානයක් ලෙස තරඟ බිමට [VIDEO]

Mohamed Dilsad

මෙරට පළමු චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

බොරැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment