ක්‍රීඩා

ලොව මවිත කළ ඉන්දීය ක්‍රීඩිකාව

(උදයම්,එංගලන්තය)   –  කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි මේ දිනවල පැවැත්වේ.

ඒ අතරතුර සිදුවූ අපුරු සිදු වීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පසුගියදා ඉන්දියාව සහ එංගලන්තය සමග පැවති තරගය අතරතුර ඉන්දීය කණ්ඩායමේ නායිකා මිතාලි රාජ් පන්දුවට පහරදීමට යාමට පෙර පොතක් කියවන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා කළේය.

පසුව පිටියට පිවිසි ඉන්දීය නායිකාව ලකුණු 71ක් රැස් කළ අතර එය කණ්ඩායමේ ජයග‍්‍රහණයට ද හේතුවක් වුණි.

ඇය මෙම තරගයේ දී ලෝක වාර්තා දෙකක් බිහි කිරීමට සමත්වීමද විශේෂත්වයකි.

මෙහිදී  ඇය විසින් බිහි කළේ එක්දින තරගවල වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කළ ක‍්‍රීඩිකාවට හිමි වාර්තාව සහ අඛණ්ඩව වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කිරීමේ වාර්තාවය.

පසුව කළ විමසීමක දී ඇය ප‍්‍රකාශ කර ඇත්තේ 13 වන ශතවර්ෂයට අයත් පර්සියානු කවි පොතක් තමන් කියවූ බවය.

ඇතැම් තරඟවලදී  තමන් තැති ගන්නා බවත් ඉන් මිදීමට එවැනි පියවරක් අනුගමනය කළ බවත් ඉන්දීය නායිකාව පවසා තිබේ.

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රග්බි තරඟාවලියට ශ්‍රී ලංකාවත් සුදුසුකම් ලබයි

Mohamed Dilsad

ශෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

Mohamed Dilsad

පකිස්තානයෙන් නව ලෝක වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment