ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර අත්අඩංගුවට ගැනේ.

අද(23) පෙරවරුවේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා සයිටම් විරෝධී සිසු විරෝධතා ව්‍යාපාරය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩාවැදී රාජ්‍ය දේපළවලට හානි සිදුකළ බවට එල්ලවන චෝදනාවන්ට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අද මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වී සිටි ඔහු එම මාධ්‍ය හමුවෙන් පසුව පිටවයාමේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

Mohamed Dilsad

සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලබන වසරේ සිට නව විදේශ ගමන් බලපත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment