ප්‍රමුඛ පුවත 1

ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිව දැඩි නීති – අමාත්‍ය මහින්ද අමරවීර

(උදයම්,කොළඹ)  –  ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ධීවර හා ජලාජ් සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ට්‍රෝලින් දැල් සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා විවාදය 06 වෙනිදා ගැනීමට නියමිතයි. නීතිවිරෝධි පන්න ක්‍රම නවතා දැමීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඒ කටයුත්ත සිදු වෙනවා. මෙම අය අත්අඩංගුවට ගන්නව ප්‍රවාහනය හා විකිණීම් කරන අය අත් අඩංගුවට ගන්නවා. අඛණ්ඩවම කටයුත්ත කරනවා. නතර කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. දැනටමත් අපි මුහුදු පැළැටි වගාව උතුරු පළාතේ ආරම්භ කර තිබෙනවා. අභ්‍යන්තර කලපු සංවර්ධනය කර මත්ස්‍ය වගව ව්‍යාප්ත කරන්න කටයුතු කර තිබෙනවා.මන්නාරම දිස්ත්‍රික්කයේ, මන්නාරම ප්‍රදේශයේ මත්ස්‍ය කලාප ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අප මෙවැනි කලාප තුනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරය පැවසී ය.

Related posts

යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනතා අයිතියට [VIDEO]

Mohamed Dilsad

‘ෆොනී’ සුළි කුණාටුව තවදුරටත් දරුණු වේ.

Mohamed Dilsad

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ගැටළු පිලිබඳ ජනපති අවධානය

Mohamed Dilsad

Leave a Comment