ප්‍රමුඛ පුවත 1

වව්නියාවේදී බිළිදෙකු මරා දැමුවේදැයි පරික්ෂණ

(උදයම්,වවුනියාව)  –  වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කාන්තාවක් වැසිකිලියේ බිහිකල බිළිඳා මිය ගොස් ඇති අතර බිළිඳා මරා දමා ඇත්දැයි යන්න පරික්ෂණයක් වව්නියාව පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

27 හැවිරිදි පී.ඩිල්සියා නැමිති අදාල කාන්තාවට සැමියෙකු නොමැති අතර මෙම ගැබ් ගැනීම අනියම් ඇසුරක් නිසා සිදුව ඇති හෙයින් ප්‍රදේශවාසීන්ට හොර රහසේ බිළිඳා නිවසේ වැසිකිලිය තුලදී බිහිකොට පසුව ලේ වහනය වීම නිසාවෙන් බිය වී බිළිඳාද රැගෙන වව්නියාව මහරෝහලට ඇතුලත් වී තිබේ.

වව්නියාව මහරෝහලට අදාල කාන්තාව වව්නියාව මහරෝහලට ඇතුලත් වන විටද බිළිඳා මිය ගොස් සිටි බවටද වව්නියාව රෝහල් නිලධාරියෙකු කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල දරුවාගේ පියෙකු නොමැති හෙයින් ඒ පිළිබඳව සැක සහිතව බිළිඳා අදාල කාන්තාව විසින් මරා දමන්නට ඇත් දැයි යන්න මේ වන විට වව්නියාව පොලීසිය විසින් පූරණ පරික්සණයක් ආරම්භ කොට ඇත.

Related posts

පේරාදෙණියේ සියළු පීඨ වැසේ

Mohamed Dilsad

රූපවාහිනී හා ගුවන්විදුලි භාවිත කිරීමේදී සැලකිලිමත් වන්න – මහින්ද දේශප්‍රිය [VIDEO]

Mohamed Dilsad

පොසොන් සතිය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment