ප්‍රමුඛ පුවත 1

තිස්ස අත්තනායක මහතාට විදෙස් ගතවීමට අවසර

(උදයම්,කොළඹ)   –  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට විදෙස් ගතවීම වළක්වාලමින් පනවා තිබු නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.

ඒ අනුව මෙම මස 23 වන දින සිට ලබන මස 12 වන දින දක්වා කාලය තුළ ඔහුට විදෙස් ගත විමට අවසර ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම්කළුආරච්චි මහතා නියෝග කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන තම දියණිය බැලීම සඳහා යාමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව තිස්ස අත්තනායක මහතාට විදේශ ගත වීම වළක්වාලමින් සහ අධිකරණය විසින් පනවා ඇති තහනම් නියෝගය එම කාලය තුළ තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙස ද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මහාධිකරණ රෙජිස්ටාර්වරියට දැනුම් දී තිබේ.

Related posts

ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ඒමට සම්බන්ධ 20ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකා තැපැල් සේවා සංගමය වැඩ වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

නිදහස් පක්ෂ මැයි දිනය පවත්වන ස්ථානය තීරණය වෙයි..

Mohamed Dilsad

Leave a Comment