ප්‍රමුඛ පුවත 1

උතුරු පලාත් නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු ආණ්ඩුකාර වරයා හමු වී උතුරේ ගැටලු ගැන සාකච්ඡාවක

(උදයම්,යාපනය)  –  හිටපු උතුරු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජය ධර්මරත්න මහතාගේ නික්ම යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සදහා නව උතුරු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් රොෂාන් ප්‍රනාන්දු මහතා වැඩ බාර ගැනීමෙන් පසුව ප්‍රථම වතාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී හමු විය.

නව උතුරු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා සමග සුහද කතා බහක නිරත වූ ආණ්ඩුකාරතුමන් නව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උතුරු පළාත තුල දැනට පවතින අකටයුතුකම් මැඩ පැවැත්වීමට හා මහජනතාව මාර්ග ධාවනයේදී සිදු කරනු ලබන අකටයුතුකම් නිසි ක්‍රමවේදයකට හා නීත්‍යානුකුලව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසද දැනුවත් කරන ලදී.

එමෙන්ම නව ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස උතුරු පලාතටත්,රටටත් ඉමහත් සේවයක් නීතිය හා සාමය රකිමින් වැඩ කටයුතු කරගෙන යාමට හැකිවේවායි සුභාශින්සනද උතුරු පලාත් ආණ්ඩුකාර වරයා විසින් පිරිනැමීය.

Related posts

සිදුවූ පිපිරීම් වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ බව හෙළි වෙයි

Mohamed Dilsad

භීෂණකාරී තත්ත්වය යළි ඇති කිරීමේ උත්සහයක්

Mohamed Dilsad

වර්ෂාව වැඩි වෙයි – අධිවේගයේ ගමන් කරන්නන්ට අනතුරු ඇගවීම්…

Mohamed Dilsad

Leave a Comment