ක්‍රීඩා

ශූරයන්ගේ කුසලානය ජයගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි

(උදයම්,පාකිස්තානය)   –  2017 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි.අද අළුයම ඔවුන් සිය රටට පැමිණි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔවුන් පිළිගැනීම සඳහා ලාහෝර් ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ පිලිගැනීමේ උත්සවයක්ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කර තිබූණි.

ක්‍රීඩා ලෝලින් රැසක් ඔවුන් පිලිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවද වාර්තාවේ.

ලාහෝර් ගුවන් තොටුපල ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබූ බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

අවසන් මහා තරගයේදී පාකිස්ථානය ඉන්දියාව පරාජයට පත් කළේ ලකුණු 180  කිනි.

 

Related posts

පරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.

Mohamed Dilsad

සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයගනී

Mohamed Dilsad

පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment