Trending News

පාසල් දරුවන්ගේ නිලඇදුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයකට එළැඹ නෑ- ජනපති

(උදයම්,කොළඹ)  – පාසල් දරුවන්ගේ නිලඇදුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයකට එළැඹ නොමැති බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර, අස්ගිරිය ශී‍්‍ර චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (16) පස්වරුවේ එක්වෙමිනි.

පිරිවෙන් සහ විහාරස්ථාන මුල්කරගත් අධ්‍යාපනය පරිත්‍යාගයෙන්, කරුණාවෙන් මෙන්ම මානව දයාවෙන් එදා ශී‍්‍ර ලංකා සමාජය පොහොසත් කළ අතර ආගමික ස්ථාන ඇසුරුකරන සමාජයක් යළි රට තුළ ගොඩනැගීමට සියලූ ආගමික නායකයින් කැපවිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය.

නවීන තාක්ෂණය සමග සමාජය වැළදගෙන තිබෙන අන්තර්ජාලය සහ ෆේස්බුක් අද දරුවන්ගේ ශිෂ්ටත්වය සහ යහපත්බව විනාශ කරමින් සිටින බව ද සදහන් කළ ජනාධිපතිවරයා අධ්‍යාපනය සමග දරුවන්ගේ දැනුම මෙන්ම විනය ද ගොඩනැගිය යුතු බව කියා සිටියේය.

අන්තර්ජාලය සහ ඇතැම් මාධ්‍ය ඔස්සේ අද ජාතිවාදය අවුස්සමින් ජාතීන් අතර අසමගිය වපුරුවා රට නොසන්සුන් කිරීමට විවිධ උත්සාහයන් කි‍්‍රයාත්මක වන බවද සදහන් කළ ජනාධිපතිවරයා කුමන පුද්ගලයෙකු හෝ සංවිධානයක් ජනතාවගේ දෛනික ජීවිතයට බාධාවන අයුරින් හැසිරෙනවානම් ඔහු කුමන ආගමකට හෝ ජාතියකට අයත් වුවද එය ශිෂ්ටත්වය සහ අධ්‍යාපනය පිළිබද ගැටලූවක් බවද කියා සිටියේය.

පසුගියදා ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක පැවති සංවාදයකදී කතෝලික පල්ලි 166 කට පසුගිය මාස කිහිපය තුළ පහර දී තිබෙන බවට එක්තරා පුද්ගලයෙකු කළ ප‍්‍රකාශයක් පිළිබද තමා අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගෙන් විමසූ විට එවන් සිදුවීමක් වාර්තාවී නොමැති බවට උන්වහන්සේ ප‍්‍රකාශ කළ බවත්, සමාජය නොමග යවමින් ඇතැම් පුද්ගලයින් කරන මෙවන් ප‍්‍රකාශ තමා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සහතිකපත් සහ තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

“Wealth-creating system needed for strong country” – Sajith

Mohamed Dilsad

ජනවාරි 7 වන තෙක් විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

Japan donates essential items for search operations at Meethotamulla garbage dump collapse

Mohamed Dilsad

Leave a Comment