ප්‍රමුඛ පුවත 1

නෞකාවකින් වැටී විදේශිකයෙකු මියයාම ගැන පොලිස් පරීක්ෂණ

(උදයම් ,ගාල්ල ) – නෞකාවකින් මුහුදට වැටීමෙන් විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඊජිප්තුවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ චෙන්නෝවා නැමැති නෞකාවේ ආරක්ෂාව සඳහා සිටි පුද්ගලයින් තිදෙනෙකු ගාල්ල වරායට රැගෙන ඒම සඳහා තවත් යාත්‍රාවක් ගොස් ඇති බව සඳහන්ය.

එහිදී 48 හැවිරිදි විදෙස් ජාතිකයෙකු මෙලෙස මුහුදට වැටී මියගොස් ඇත.මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට ලැබුණූ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා ක්වේෂියන් ජාතිකයෙකු වන අතර මළ සිරුර මේ වන විට අදාළ නෞකාවේ තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

වෛද්‍යවරු විරෝධයකට සැරසෙයි

Mohamed Dilsad

ගුවන් යානා 02 ක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් අත්සන් කරයි

Mohamed Dilsad

Leave a Comment