ප්‍රමුඛ පුවත 1

අලියෙකු පහරදීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙති

(උදයම්,කොළඹ)   –  කොච්චිකඩේ කටාන ප්‍රදේශයේ පෙරහැරක ගමන් කරමින් සිටි අලියෙකු පහරදීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙති.

ඊයේ(11) රාත්‍රියේ කටාන වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර පැවති අතර එම පෙරහැරේ ගමන් කළ අලියෙකු මෙම භික්ෂූන් වහන්සේට පහරදී ඇති බව පොලිසිය පැවසුවේය.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ මීගමුව රෝහට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද(12) අළුයම අපවත් වුහ.

අපවත්වන විට උන් වහන්සේ 25 හැවිරිදි වියේ පසු වූ බව වාර්තා වේ.

උන් වහන්සේ කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරි භික්ෂුන් වහන්සේ නමක් වන අතර අපවත්වන විට අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ  පිරිවෙනක ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර තිබේ.

Related posts

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

Mohamed Dilsad

ආණ්ඩුව භාර දීමට සුදානම් – එජාපෙ

Mohamed Dilsad

ඉන්දීය අගමැතිගෙන් නව ජනපති ආරාධනාවක්

Mohamed Dilsad

Leave a Comment