ප්‍රමුඛ පුවත 1

හිටපු හමුදාපති ජනාධිපති කොමිසම හමුවට

(උදයම්,කොළඹ)  – හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාව අද (07) පෙරවරුවේ බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත්ව තිබූ වටිනා යන්ත්‍ර සූත්‍ර යකඩවලට කපා විකිණීමෙන් සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හිටපු ආරක්‌ෂක ලේකම් ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගැනීමක් ලෙස හෙතෙම කැඳවා ඇති බව වාර්තා වේ.

උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් රුපියල් කෝටි ගණනක්‌ සමඟ යන්ත්‍ර සූත්‍ර සහ තවත් දේපළ පරණ යකඩවලට කපා විකුණා දමා තිබිණි.

මේ සම්බන්ධයෙන් එවකට රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

නව ලේකම්වරු තිදෙනෙක් පත් කෙරේ

Mohamed Dilsad

දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිරික්ෂණ කණ්ඩායම නිර්දේශ 05ක්

Mohamed Dilsad

උසස් පෙළට පෙනී සිටි මුස්ලිම් සිසුවියන් පිරිසකගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment