ප්‍රමුඛ පුවත 1

සීනි සඳහා විශේෂ රේගු බද්ද කිලෝවකට රු.10කින් වැඩි වෙයි

(උදයම්,කොළඹ)  – අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ආනයනික සීනි සඳහා විශේෂ රේගු බද්ද කිලෝවකට රු.10ක් වැඩිකරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණු ජීවන වියදම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජාත්‍යන්තර මිල දර්ශකය අනුව ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ සීනි මිල පහත බැසීම නිසා දේශීය සීනි නිෂ්පාදනයට එමගින් එල්ලවිය හැකි බලපෑම වැළැක්වීමටත්, දේශීය සුළු ව්‍යාපාරිකයින් ආරක්ෂා කරලීමත් අරමුණු කරගෙන මෙම තීරණයට එළඹ තිබේ.

මෙලෙස රේගු බද්ද වැඩි කිරීම තුළින් වෙළෙඳපොළෙහි සීනි මිල ඉහළ යාමක් සිදුනොවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

වධක තනතුර සඳහා අයඳුම්පත් 8ක්

Mohamed Dilsad

මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment