Trending News

හදිසි ගං වතුරකදී භාවිතයට ගැනීම සඳහා බෝට්ටු ස්ථානගත කර තිබිය යුතුයි-ජනපති

(උදයම්,කොළඹ)  –  හදිසි ගං වතුරකදී භාවිතයට ගැනීම සඳහා බෝට්ටු ස්ථානගත කර තිබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

ඒ අනුව එවැනි අවස්ථා වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා බෝට්ටු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ස්ථානගත කර තිබිය යුතුය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ආපදාව නිසා නිවාස විනාශ වූවන්ට නව නිවාස ඉදිකිරීමට පෙර ඉඩම් ජාතිය ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලවා පරීක්ෂා කිරීම සිදුකළ යුතු බවය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතුව මේ  වන විට ස්ථීර බෝට්ටු කොපමණ සංඛ්‍යාවක් පවතින්නේ දැයි මෙහිදී ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායකගෙන් විමසා සිටි අතර ඊට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මැදිහත් වුණි.

හදිසි ආපදා තත්ත්වය නිසා මාතර දිස්ත්‍රික්කයේ මතුව තිබෙන ගැටළු පිළිබදව විමසා බැලීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදිය.

එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නිරෝෂන් ප්‍රේමරත්න මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ද එක්ව සිටියහ.

එහිදී ඩලස් අලහප්පෙරුම  මන්ත්‍රීවරයා ද අදහස් දක්වමින් කියා සිටියේ ගං වතුර පාලනය කිරීම සඳහා නිල්වලා යෝජනා ක්‍රමයේ 3 වන අදියර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

Related posts

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

தேசிய மருத்துவ நிறுவனத்தின் மாணவர்கள் சிலர் மனித உரிமைகள் ஆணைக்குழுவில் முறைப்பாடு

Mohamed Dilsad

Arsenal’s Mesut Ozil and Sead Kolasinac face carjacking gang

Mohamed Dilsad

Leave a Comment