විදෙස්

ලන්ඩන් ප්‍රහාරයට සැක කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට

(උදයම්, කොළඹ) – බ්‍රිතාන්‍ය පොලිසිය අද (05) අලුයම කළ වැටලීම් දෙකක දී පසුගියදා ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසහිත කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අයිඑස් ත්‍රස්ත සංවිධානයේ පිරිසක් විසින් මෙම ප්‍රහාරය කළ බව පිළිගෙන තිබුණු අතර ප්‍රහාරයෙන් හත් දෙනෙක් මරුමුවට පත්වූහ.

ලන්ඩන් පාලම අසල ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායමට සඳුදා අලුයම 4.15ට පමණ දැනගන්නට ලැබුණේ මෙම ප්‍රහාරයට සම්බන්ධ ලිපිනයන් දෙකකි. ඒ අනුව නිව්හැම් සහ බාර්කින් හි සිටි සැකකරුවෝ පොලිස් අත්අඩංගුවට පත්වූහ.

මේ සම්බන්ධයෙන් පුද්ගලයන් ගණනාවක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන බවත් ඔවුන්ගෙන් ප්‍රහාරය සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකිවනු ඇති බවත් එරට පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Related posts

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළට

Mohamed Dilsad

සිඩ්නි නුවර නොවැම්බර් සිට සංචාරකයන්ට විවෘතයි

Mohamed Dilsad

ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment