විදෙස්

සිඩ්නි නුවර නොවැම්බර් සිට සංචාරකයන්ට විවෘතයි

(UTV |  සිඩ්නි) – ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි පුරවරයේ කොරෝනා නිරෝධායන ක්‍රියාමාර්ග ලිහිල් කරමින් නොවැම්බර් 1 වැනි දා සිට ජාත්‍යන්තර සංචාරකයින් සඳහා විවෘත කෙරෙනවා.

ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩොමිනික් පෙරොටෙට් සඳහන් කළේ, පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයින් සඳහා මෙලෙස සිඩ්නි නුවර විවෘත කරන බවයි.

ගෝලීය වසංගතයට ප්‍රතිචාර දක්වමින් ඕස්ටේ්‍රලියාව පසුගිය වසරේ මාර්තු මාසයේ සිට සිය ජාත්‍යන්තර දේශසීමා වසා දැමීමට පියවර ගත්තා.

ඒ අනුව සිය වියදමෙන් සති දෙකක හෝටල් නිරෝධායනයකින් පසු එරටට ඇතුළු වීමට හැකි වූයේ පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණයි.

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා එන්නත්කරණය මෙම සති අන්තය වනවිට එහි වැඩිහිටි ජනගහණයෙන් 80% ඉක්මවීමට නියමිතයි.

Related posts

ඔරිගන් ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක් අතුරුදන්

Mohamed Dilsad

පකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලයි

Mohamed Dilsad

රුසියා ජනාධිපති ඉන්දියාවට ..!

Editor O

Leave a Comment