Trending News

නායයෑම් අවධානම තව දුරටත්.ආපදා මරණ 224යි

(උදයම්,කොළඹ)  –  වර්ෂාපතනට ඉදිරි පැය 24 පුරාද අඛණ්ඩව පැවතියහොත්  නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවධානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
මේ වන විට දිස්ත්‍රික් 07ක් වෙත මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව ඉදිරි  පැය 24ක කාලය මෙම දිස්ත්‍රික්කයන් හි කඳුකර බෑවුම් ප්‍ර දේශ හා නිර්මිත බෑවුම් ප්‍ර දේශවල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙසද එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොළොන්න සහ නිවිතිගල ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද, ගාල්ල දිස්ත්‍රික්කයෙ බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියාගම සහ නාගෙඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට සහ බදුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, පිටබැද්දර සහ මුලටියන යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලද,  හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරලේ, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට  මෙම තත්ත්වය බලපා තිබේ.

Related posts

Several houses damaged due to a fire in Maharagama

Mohamed Dilsad

ஆடை ஏற்றுமதியில் வீழ்ச்சி

Mohamed Dilsad

பாகிஸ்தான் முன்னாள் ஜனாதிபதி முஷரப் வைத்தியசாலையில் அனுமதி

Mohamed Dilsad

Leave a Comment