ප්‍රමුඛ පුවත 1

රත්නපුර දිස්ත්‍රික්කයේ හානියට පත් ආගමික ස්ථාන වෙත මුල්‍ය අධාර

(උදයම්,රත්නපුරය)  –  ගංවතුරින් හානියට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන14 කට,පල්ලි 02 කට හා කෝවිල් 02 කට රුපියල් ලක්ෂය බැගින් මුදල් ප්‍රතිපාදන ලබාදීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදුකෙරිණි.

මෙයට අමතරව මෙම විහාරස්ථාන,පල්ලි හා කෝවිල් වලට ගංවතුරින් සිදුවී ඇති සම්පූර්ණ ආපදාව තක්සේරු කර ඉදිරියේදී තවත් මුදල් ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍යවරයා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් මිලදීගත් ගෘහ භාණ්ඩ ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වු ජනතාව අතර බෙදා දීම සදහා ඒවා එම ප්‍රදේශ වල විහාරස්ථාන සදහා ලබාදීමද එදින සිදුකෙරිණි.

Related posts

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කරන්න සුදානම්

Mohamed Dilsad

උපාධිදාරී රාජ්‍ය නිළධාරීන් අද වර්ජනයක

Mohamed Dilsad

බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් 6දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment