ප්‍රමුඛ පුවත 1

අනුර සේනානායක මහතාට ඇප

(උදයම්,කොළඹ)  –  වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇප මත නිදහස් කෙරේ.

ඔහු, රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50  බැගින් වූ ශරීර  ඇප 3ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා අද (02) නියෝග කර තිබේ.

ශරීර ඇප ලබාදෙන ඇපකරුවන් තිදෙනා අතුරින් එක් අයෙකු පවුලේ සමීප ඥාතියෙකු විය යුතු බවට ද විනිසුරුවරයා සඳහන් කර ඇත.

නමුත් සතියේ සෑම දිනකම ඉරිදා දිනයේ  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටත්, ඔහුට විදේශ ගතවීම තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණ  බාරයේ තැබීමටත් අධිකරණය තීරණය කර ඇත.

ඇප ලබාගැනීමෙන් පසුව පරීක්ෂණ කටයුතුවලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ලැබුවහොත් නඩු විභාගය අවසන්වතනුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තබන බවටත් විනිසුරුවරයා විසින් අවවාද කර තිබේ.

Related posts

කුවේට්හි වෙළෙඳ සමුළුව සඳහා ඇමති රිෂාඩ් සහභාගී වෙයි

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගැන සුව ඇමති කියන කතාව

Mohamed Dilsad

දේශපාලනයෙන් තොර බුද්ධි අංශයක් ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස [VIDEO]

Mohamed Dilsad

Leave a Comment