ප්‍රමුඛ පුවත 1

වන්දි ඉල්ලා තලතා අමාත්‍යවරියගෙන් නිරෝෂන් මන්ත්‍රීවරයාට එන්තරවාසියක්

(උදයම්,කොළඹ ) – පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතාගෙන් රුපියල් මිලියන 425ක වන්දියක් ඉල්ලා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය එන්තරවාසියක් යොමු කර තිබේ.

නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා විසින් පසුගිය දෙසැම්බර් මාසයේ පැවති මාධ්‍ය හමුවකදී තම කීර්ති නාමයට හානි වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බව තලතා අතුකෝරාල අමාත්‍යවරිය පැවසුවාය.

මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් හදුන්වාදීම මගින් රුපියල් මිලියන 1500ක මුදලක් වංචා කළ බවට නිරෝෂන් ප්‍රේමරත්න මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය අදාළ මාධ්‍ය හමුවේදී චෝදනා කර ඇත.

එම ප්‍රකාශයෙන් තම කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් මිලයන 425ක වන්දියක් ඉල්ලා යොමුකළ එන්තරවාසිය නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ තලවතුගොඩ නිවසේ ලිපිනයට සහ මාවරල ප්‍රදේශයේ නිවසේ ලිපනයට තැපෑලෙන් යොමු කළ බව තලතා අතුකෝරාල අමාත්‍යවරිය සඳහන් කළාය.

 

Related posts

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

Mohamed Dilsad

පොහොට්ටුවත් සමඟ පක්ෂ 15ක් ගිවිසුමට [VIDEO]

Mohamed Dilsad

මුහුදෙන් ප්‍රංශයට යන්න ගිය පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment