විදෙස්

පිලිපීනයේදී ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු මරුට

(උදයම්,කොළඹ)  –  පිලිපීනයේ මරාවි නගරයේ මෙහෙයුමක් අතරතුර හමුදාව අත්වැරදිමකින්  එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

එරට ආරක්ෂක අමාත්‍යවරයා ඩෙල්ෆින් ලොරෙන්සානා සඳහන් කර  ඇත්තේ මෙම ප්‍රහාරයෙන් තවත් හමුදා සෙබළුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පසුගිය සතියේ එරට ජනාධිපති රොඩිගෝ ඩුටර්ටේ මරාවි නගරය පිහිටි මින්දනාඕ දිවයිනට යුද නීතිය ප්‍රකාශ කළේය.

ඒ සමග ඇමරිකාවට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු වන ඉස්නිලොන් හැපිලොන් අත්අඩංගුවට ගැනීම සදහා ආරම්භ කළ මෙහෙයුමක් අතරතුර මෙය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

මෙක්සිකෝ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

අයිස්ලන්තයේ තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර.

Mohamed Dilsad

Leave a Comment