ක්‍රීඩා

නායක ඇන්ජලෝට 03 වනදා තරඟය අහිමි වෙයි

(උදයම්,කොළඹ)   –  නායක ඇන්ජලෝ මැතිව්ස්ට් ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය අහිමි වනු ඇති බව වාර්තා වේ.

ඒ ඔහු මේ වන විට  පාදයේ ආබාධයකින් පෙලෙන නිසාය.

ඒ අනුව ඔහුට අනිද්දා (03) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟය අහිමිවනු ඇත.

මේ නිසා  ශ්‍රී ලංකා පිලේ  නායකත්වය  බොහෝ දුරට උපුල් තරංගට හිමිවනු ඇති බව වාර්තාවේ.

රටවල් අටක සහභාගීත්වයෙන් එංගලන්තයේදී පැවැත්වෙන අට වැනි චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය අද (01 දා) එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ආරම්භ වේ.

තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.45 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තරඟයෙන් ධර්මදාස පරදා සිල්වා ඉදිරියට

Mohamed Dilsad

එංගලන්තය ට පහසු ජයක්

Mohamed Dilsad

ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment