ප්‍රමුඛ පුවත 1

මැති-ඇමති දීමනාව පරිත්‍යාග කිරීමට දේශපාලන පක්ෂ සුදානම්

(උදයම්,කොළඹ)   –  පවතින ආපදා තත්වය හමුවේ අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් මැති ඇමති, දීමනාව පරිත්‍යාග කිරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ තුන එකඟතව පල කර තිබේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මැති ඇමතිවරු තම දීමනාව පරිත්‍යාග කිරීමට කැමැත්ත පල කර ඇත.
සියලු මැති- ඇමතිවරුන්ගේ ජුනි මස දීමනාව විපතට පත් ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව නිදහන්ස සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පක්ෂයේ සියලු මැති-ඇමතිවරුන්ගේ දීමනාව දැනටමත් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම්  අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට බැර කෙරෙන අතර එම අරමුදලෙන් විපතට පත් ජනතාව සඳහා මුදල් පරිත්‍යාග ලබාදීමට සිය පක්ෂයද සූදානම් බවය.

Related posts

නව අමාත්‍යවරු දෙදෙනෙක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

සෞදියේ ශ්‍රී ලාංකික සිසුන්ගේ හැකියාවන්ට මෝටර් රථ තිළිණයක්

Mohamed Dilsad

අගමැති ඉවත්කර නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – ඇමති සුසිල් කියයි

Mohamed Dilsad

Leave a Comment