Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් ට තනතුරක්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක වශයෙන් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පත් කර ඇත.

ඒ අනුව මෙතෙක් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායකයා වශයෙන් කටයුතු කරන ලද එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉවත් කර ඒ වෙනුවට රාසමාණික්කම් මන්ත්‍රීවරයා කණ්ඩායම් නායකයා වශයෙන් පත්කර ඇත.

එමෙන්ම ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් සහ එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් විසින් මෙම පත්කිරීම පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දිගින් දිගටම පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී කටයුතු කිරීම මෙම වෙනස් කිරීමට හේතුව බව එම පක්‍ෂයේ ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් සඳහන් වේ.

කේසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් රාසමාණික්කම් මන්ත්‍රීවරයා කියා සිටියේ තම පක්ෂයේ ප්‍රතිපත්ති සහ තම පක්ෂයට ඡන්දය ලබා දුන් ජනතාවගේ අභිලාෂ වෙනුවෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී තම පක්ෂය මෙහෙයවීමට බලාපොරොත්තු වන බවයි

Related posts

பெற்றோல் விலை அதிகரிக்கப்பட மாட்டாது

Mohamed Dilsad

දිවි පරදුවට තබා ජීවිත 4ක් බේරූ අපේ වීරයෝ

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment