Trending Newsඑසැන පුවත්දේශීය

දෙහිඅත්තකණ්ඩිය සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදී

දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ ඊයේ (24) පැවති නිලවරණයෙන්, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය ජයග්‍රහණය කර ඇත.

සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම සඳහා වූ, නිලවරණය ඊයේ (24) සමූපකාර සහකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේ දී පැවැත්විණි.   

සමාජිකයින් 72දෙනෙක් නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ අතර එහිදී පොදු විපක්ෂයට ඡන්ද 46ක් ද, ජාතික ජන බලවේගයට ඡන්ද 23ක් ද හිමිවිය.

ඉන් ඡන්ද 03ක් ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 23කින් සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය ජයග්‍රහණය කළහ.

ඒ අනුව එහි හිටපු සභාපති වන සමගි ජනබලවේගයේ ජීඑම් ජයවර්ධන මහතා නැවතත් සභාපතිවරයා ලෙස පත් විය.

Related posts

தொழில் முயற்சியாண்மையை ஒழுங்குபடுத்துவதற்கான “மதிப்பீட்டு ஆய்வு” அமைச்சர் ரிஷாட் பதியுதீனிடம் இன்று கையளிப்பு!

Mohamed Dilsad

Piliyandala shooting: Two more arrested

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 49,000 කට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment