Trending Newsඑසැන පුවත්දේශීය

බේරේ වැව පිරිසිදු කිරීමට චීන සහය ලබා ගැනීමට සාකච්ඡාවක්

චීන – ශ්‍රී ලංකා  කෘෂිකර්ම ඵලදායීතාව වැඩි දියුණු කිරීම සඳහා වන අවබෝධතා  ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (22)  පැවැත්විණි.

චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ගැටලු විසඳමින් ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙහිදී බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් චීනයෙන් ලබාගත හැකි සහාය පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

එසේම, මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත පාරිසරික ගැටලු විසදා ගැනීමට චීනයේ තාක්ෂණය සහ මෙවලම් භාවිත කළ හැකි ආකාරයත් වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි අවම කර ගැනීම සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා කර තිබේ.

වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශ්වජිත් කන්දේගම, චීනයේ Guizhou විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Zhang Guozhu, Hubei පළාතේ  වාණිජ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ Cao Xuan, Wei Ping යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

රැකියා විරහිත උපාධිධාරීන් සහ පරිපාලන නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Karannagoda to appear before CID next week

Mohamed Dilsad

කොරෝනා යැයි සැකයෙන් අයි.ඩී.එච් රෝහලට පැමිණෙන රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment