Trending Newsඑසැන පුවත්දේශීය

ගම්පහ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීනියගේ ⁣නිවසට ගල් ගැසූ මාලිමා ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

වැලිවේරිය ඇඹරලුව ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි අනූජා ශ්‍රියන්ති මහත්මියගේ නිවසට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරියෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරය ඊයේ (12) රාත්‍රියේ එල්ල වී ඇති අතර, අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියගේ නිවසට සහ වෙළෙඳසැලට මාර්ගයේ තිබෙන ගල්වලින් පහරදී ඇත.

අදාළ ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක මෙම ප්‍රහාරය එල්ල කරන අයුරුද සටහන්ව තිබුණි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය විසින් අද (13) උදෑසන වැලිවේරිය පොලීසියට සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ බීමත්ව සිට ඇති බවත් වාර්තා වුණි.

Related posts

3,000-year-old Egyptian sarcophagus on live TV

Mohamed Dilsad

குழந்தை பெற விரும்பும் பெண் ரோபோ

Mohamed Dilsad

Hyperloop pod set for global premiere in Dubai

Mohamed Dilsad

Leave a Comment