Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුවේ විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව, සමගි ජන බලවේගය රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරයි…!

වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව ‘නිදහස් අධ්‍යාපනය රැකගමු’ යන තේමාව යටතේ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

මෙම විරෝධතා මාලාවේ සමාරම්භක උද්ඝෝෂණය එළඹෙන සෙනසුරාදා දහවල් 2:00 ට මතුගම නගරයේ පිහිටි නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පිළිරුව ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආණ්ඩුව විසින් හඳුන්වා දීමට උත්සාහ කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් නිදහස් අධ්‍යාපනයට සිදුවන බලපෑම සහ එමඟින් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ රජයට බලපෑම් කිරීම මෙම විරෝධතාවයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මතුගමදී පැවැත්වෙන මෙම පළමු විරෝධතාවෙන් අනතුරුව එය රට පුරා ප්‍රධාන නගර කරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්[PRESS RELEASE ]

Mohamed Dilsad

Winds to reduce from tomorrow

Mohamed Dilsad

Leave a Comment