Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති උපදේශකයෙක් ලෙස, ආචාර්ය මහින්ද පරාක්‍රම පත්කරයි

සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා සමුද්‍රීය සහ සැපයුම් ක්ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධනය පිළිබඳ සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන රැසක් සමඟද කටයුතු කර තිබේ. ඒ මහතා ගරු පදනමින් මෙම නව තනතුරේ සේවයට එක්ව සිටී.

Related posts

அர்ஜூன ரணதுங்கவின் பாதுகாப்பு உத்தியோகத்தர் பிணையில் விடுதலை

Mohamed Dilsad

සැලකිලිමත් වන්න

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment