Trending Newsඑසැන පුවත්දේශීය

ජනපතිට පක්ෂව කටයුතු කරන ශිවඥානම්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙන්නැයි පක්ෂයෙන් බලපෑම්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකත්යයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමට පක්ෂය තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා කියයි. 

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා නම් කර එවා තිබු හමුදා නිලධාරියකු විගණකාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට විපක්ෂය විරුද්ධ වෙද්දී ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ඔහුට සහයෝගය පළ කර තිබීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ජනාධිපතිවරයාට දිගින් දිගටම පක්ෂපාතීව කටයුතු කරන බවට ද දෙමළ පක්ෂ විසින් ඔහුට මේවන විට චෝදනා කර ඇත.

“විගණකාධිපති පිළිබඳ කාරනයේදී හමුදා නිලධාරියකු වෙනුවෙන් ඡන්දය දුන් බවට ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහු සියලු කාරණාවලදී ආණ්ඩුව සමඟ ඇස් පියාගෙන ඡන්දය දෙන බවට හත් අට වතාවක්  චෝදනා එල්ල වෙලා තියනවා. ඒක නිසා පක්ෂය අපහසුතාවයට පත් නොවන පරිදිත් ඔහු අපහසුතාවයට පත් නොවන ආකාරයටත් ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලන්න අපි තීරණයක් අරගෙන තිබෙනවා.” යැයි සුමන්තිරන් මහතා වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරී කර්නල් ඕවිටගේ රංජිත් රාජසිංහ විගණකාධිපති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේදී ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර තිබේ. 

අනිකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා සිවිල් සමාජ සාමාජිකයන් විරුද්ධ වීම නිසා එම නිලධාරියාගේ පත්වීම අනුමත වී නැත.

2025 ජනවාරි 03 වැනිදා වව්නියාවේ පැවැති ඉලංගෙයි තමිල් අරසු කච්චි දේශපාලන මණ්ඩල සාකච්ඡාව නිමා වීමෙන් පසු පෑවත්වු මාධ්‍ය හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි ලේකම් ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන් මහතා වැඩි දුරටත් කියා තිබුනේ විගණකාධිපති පත් කිරීම සම්බන්ධයෙන් අවස්ථා තුනකදීම මෙන්ම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හා අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත් කිරීමේදී ද ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ආණ්ඩුවට සහාය පළ කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.

හානිපූරණය සඳහා වන කාර්යාලයේ සභාපති පත් කිරීමේදීද ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ආණ්ඩුවට සහාය පළ කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි ලේකම් එම්. ඒ සුමන්තිරන් මහතා වැඩි දුරටත් සදහන් කර තිබුනි.

Related posts

කොවිඩ් ණය සහන තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රෝහිතගේ දියණිය පොලීසිය ට බාරවෙයි

Editor O

Academy voices solidarity with ‘Last Men …’ team

Mohamed Dilsad

Leave a Comment