Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නියිජීරියාවේ අයිඑස්අයිඑස් ඉළක්ක වෙත ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

නයිජීරියානු රජයේ විශේෂ ඉල්ලීමකට අනුව, එරට වයඹදිග කලාපයේ ක්‍රියාත්මක අයිසිස් (ISIS) ත්‍රස්තවාදීන් ඉළක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව ප්‍රබල ප්‍රහාරයක් දියත් කර තිබේ. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අමෙරිකානු අප්‍රිකානු විධානය මේ බව නිල වශයෙන් තහවුරු කර ඇත.

නයිජීරියාවේ වෙසෙන කිතුනු ජනතාව ඉළක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් සිදුකරන දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම මෙම ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබිණි.

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා ලෙස මගේ නියෝගය පරිදි, අමෙරිකානු හමුදාව නයිජීරියාවේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළා. වසර ගණනාවක සිට, ඇතැම්විට ශතවර්ෂ ගණනාවක සිට නොදුටු අයුරින් අහිංසක කිතුනු ජනතාව දරුණු ලෙස ඝාතනය කිරීමට මෙම ත්‍රස්තවාදීන් කටයුතු කර ඇත..”

“අමෙරිකානු අප්‍රිකානු විධානය සඳහන් කළේ නයිජීරියාවේ සොකෝටෝ ප්‍රාන්තයේ පිහිටි ත්‍රස්ත කඳවුරු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. නයිජීරියානු බලධාරීන්ගේ සම්බන්ධීකරණය ඇතිව සිදුකළ මෙම මෙහෙයුමෙන් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

පෙන්ටගනය විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන්නේ යුද නෞකාවක සිට අවම වශයෙන් එක් මිසයිල ප්‍රහාරයක් හෝ දියත් කරන ආකාරයයි. අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මේ සම්බන්ධයෙන් නයිජීරියානු රජය දැක්වූ සහයෝගයට ස්තුතිය පළ කළ අතර, ඉදිරියේදී තවදුරටත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බවට ඉඟි පළ කළේය.

නයිජීරියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අමෙරිකාව සමඟ පවතින ආරක්ෂක සහයෝගීතාවයේ සහ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වූ බවයි. කෙසේ වෙතත්, නයිජීරියානු රජය අවධාරණය කරන්නේ එරට පවතින ආරක්ෂක තත්ත්වය සංකීර්ණ එකක් බවත්, සන්නද්ධ කල්ලි විසින් කිතුනු මෙන්ම මුස්ලිම් ජනතාව යන දෙපාර්ශවයම ඉලක්ක කරන බවත්ය.

Related posts

மொடல் அழகி உலகின் இளம் செல்வந்தரானார்…

Mohamed Dilsad

Tiananmen Square Tank Man photographer Charlie Cole dies

Mohamed Dilsad

නිරෝධායන රීති කඩ කළ සේවා ස්ථාන 473 කට නඩු

Mohamed Dilsad

Leave a Comment