Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා, නිලුපුල්⁣ගේ මඩ බලකාය වියරු වැටී, රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ගැන අසත්‍ය ප්‍රචාර පතුරවයි….

මාලිමාවේ මඩබලකාය විසින් තමන් පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවමින් ඇතැයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

තමාට සහ විපක්ෂයේ අනෙකුත් කාන්තා නියෝජිතයන්ට එරෙහිව සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මකව මඩ ගැසීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නීය.

, “නිලුපුල්” ලෙස හඳුන්වා ගන්නා තැනැත්තෙකු විසින් මෙහෙයවන “වීරප්පන්ගේ මඩ බලකාය” නමින් කණ්ඩායමක්, තමන්, කිසිදු තැනක නොකළ ප්‍රකාශයක් ඇතුළත් සටහනක් සමාජ මාධ්‍යවල පළ කර ඇති බවත්, , මන්ත්‍රීවරිය.සඳහන් කරයි. එය සම්පූර්ණයෙන් අසත්‍ය සහ නොමග යවන සටහනක් බවද මන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි.

කවිරත්න මන්ත‍්‍රීවරියට අනුව, මෙය නව සිදුවීමක් නොවන අතර, මීට පෙර ද මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන වීරප්පන් බලකායේ කණ්ඩායමක් විසින් ඇගේ ප්‍රකාශ විකෘති කරමින්, අපහාස කරමින් සහ “පොල් ගසමින්” සමාජ මාධ්‍ය මඩ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

දැනට දින තුනක පමණ සිට විපක්ෂයේ කාන්තා මන්ත්‍රීවරියන්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව වෛරය පතුරන අසභ්‍ය කතා සහ අසත්‍ය කරුණු මෙහෙයවන කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවද මන්ත්‍රීවරිිිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින්ට මෙන්ම විකල්ප අදහස් දරන අයට ද, මඩබලකාය විසින් අභූත චෝදනා කරන බවද මන්ත්‍රීවරිය සඳහන් කරයි.

“වීරප්පන් බලකාය” සහ එහි “කුණුහරුප ව්‍යාපෘතිය” ගැන තමා මීට පෙර ද පාර්ලිමේන්තුවේදී දැනුම් දී ඇති බව රෝහිණී කවිරත්න මන්ත‍්‍රීවරිය සිහිපත් කරයි.

ඇය අවධාරණය කරන්නේ, දේශපාලනයේ නිරත කාන්තාවන් ඉලක්ක කර සිදු කරන මෙවැනි “නින්දිත, අධම ක්‍රියා” මගින් තමන්ගේ කටයුතු කිසිසේත් නැවැත්විය නොහැකි බවයි.

 

Related posts

US says China playing “Blame game” in trade battle

Mohamed Dilsad

Egyptians protest against President Fattah al-Sisi

Mohamed Dilsad

கொட்டகலை யுலிபீல்ட் தோட்ட மண்சரிவு அபாயத்தை எதிர்நோக்கியுள்ளவர்களுக்கு வீடுகள் அமைத்துக்கொடுப்பதற்கு அமைச்சர் திகாம்பரம் நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment