Trending Newsඑසැන පුවත්දේශීය

ජලාශවල ජල මට්ටම ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි..

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් කරා තවදුරටත් නොපවතින බවය.

එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ජලාශ කිහිපයක් ආශ්‍රිතව වාර්තා වී ඇති බවත් ඒ අනුව කැලණි, කළු ගඟ ආශ්‍රිතව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් මෙන්ම එමෙන්ම ගිං ගඟ සහ නිල්වලා ගඟ, අත්තනගලු ඔය ආශ්‍රිතව මිලිමීටර් 50ක වර්ෂාපතනයක් වාර්තාවූ බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම වර්ෂාපතනය ගංගාවල ජල මට්ටම් ඉහළ යාම සඳහා බලපාන වර්ෂාපතනයක් නොවන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවය.

Related posts

காமினி செனரத்துக்கு எதிரான வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

2020 සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කෙරේ

Mohamed Dilsad

ரயிலுடன் மோதுண்டு நபர் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment