Trending Newsඑසැන පුවත්දේශීය

බිමවැටී ඇති දත්ත සම්ප්‍රේෂණ රැහැන් ගැන මොබිටෙල් සමාගමෙන් විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ හානි අතරේ බිම වැටී ඇති ෆයිබර් (තන්තු) සහ Copper (තඹ) කේබල් ඉවත් කිරීම හෝ කපා දැමීම  සිදු නොකරන ලෙස මොබිටෙල් විසින් ඉල්ලා සිටියි.

එම කේබල් බිම වැටී තිබුණ ද ක්‍රියාත්මක වන බව මොබිටෙල් සමාගම අවධාරණය කරයි.

ඒවා ඉවත් කිරීම හෝ කපා දැමීම හේතුවෙන් නගර ගණනාවකට සන්නිවේදන අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම් දැනටමත් වාර්තා වී ඇති බවට  මොබිටෙල් සමාගම ප්‍රකාශ කරයි.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී සන්නිවේදනය මැනවින් පවත්වාගෙන යෑමේ කාර්යභාරය සඳහා, මොබිටෙල් Fibre සහ Copper කේබල් වලට හානි සිදුවීමට ඉඩ නොදී, සියලු දෙනාගේ වටිනා සහයෝගය ද ලබාදෙන ලෙසට  මොබිටෙල් සමාගම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටී.

මොබිටෙල් ආයතනය මෙම ආපදා අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාව සමඟ නිරන්තරයෙන් සිටින බවත් , ඔවුන්ට උපරිමයෙන් සහාය ලබාදීම තම අභිප්‍රාය බවත්  වැඩිදුරටත් සඳහන් කරයි. 

Related posts

காமினி செனரத் உள்ளிட்ட பிரதிவாதிகளின் மீதான வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

அம்பாறையில் பெரிய வெங்காயச் செய்கை

Mohamed Dilsad

Heavy traffic reported in several roads in Colombo

Mohamed Dilsad

Leave a Comment