Trending News

ජාතික ආපදා තත්ත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටට සිදුව ඇති දැවැන්ත විනාශය හමුවේ, ආණ්ඩුව විසින් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) පාර්ලිමේන්තුවේදී දැඩි ⁣ විවේචනයක් ආණ්ඩුවට එල්ල කළේය.

ගිණිකොන දිග මුහුදේ කිලෝමීටර් 170කට එහා ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වී සුළි සුළඟක් බවට පත්වෙමින් තිබෙන මොහොතක පවා ආණ්ඩුව නිහඬව සිටීම, ආපදා කළමනාකරණය පිළිබඳව , ඇති අණපනත් පිළිබඳ, ආණ්ඩුව ට අවබෝධයක් නොමැතිකම පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය යටතේ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම තුළින්, පීඩනයට සහ අසහනයට පත් පවුල්වලට ඉතාම ඉක්මනින් සහන ලබා දීමේ හැකියාව ඇති බවයි.

“මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති අවස්ථාවක, ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම කණගාටුවට කරුණක් යැයි ආණ්ඩුවට චෝදනා කළේය. මම ජනාධිපතිතුමාට පවා මේ ගැන කීවත්, තවමත් එය ඉටු කර නැහැ. අවම වශයෙන් ආණ්ඩුව මේ ගැන ඇති අණපනත් ගැනවත් දන්නේ නැහැ!”.

Related posts

Tom Hardy’s Venom opens to a record-breaking 80 million dollars at the US box office

Mohamed Dilsad

நியூசிலாந்து அணி 178 ஓட்டங்களுக்கு சுருண்டது

Mohamed Dilsad

ஆப்கான் கனியவள வைப்புக்களை பயன்படுத்துமாறு இலங்கை வர்த்தக முதலீட்டாளர்களுக்கு தூதுவர் அழைப்பு- அமைச்சர் றிஷாட்டுடனான சந்திப்பில் பலவிடயங்கள் ஆராய்வு

Mohamed Dilsad

Leave a Comment