Trending News

ජාතික ආපදා තත්ත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටට සිදුව ඇති දැවැන්ත විනාශය හමුවේ, ආණ්ඩුව විසින් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) පාර්ලිමේන්තුවේදී දැඩි ⁣ විවේචනයක් ආණ්ඩුවට එල්ල කළේය.

ගිණිකොන දිග මුහුදේ කිලෝමීටර් 170කට එහා ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වී සුළි සුළඟක් බවට පත්වෙමින් තිබෙන මොහොතක පවා ආණ්ඩුව නිහඬව සිටීම, ආපදා කළමනාකරණය පිළිබඳව , ඇති අණපනත් පිළිබඳ, ආණ්ඩුව ට අවබෝධයක් නොමැතිකම පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය යටතේ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම තුළින්, පීඩනයට සහ අසහනයට පත් පවුල්වලට ඉතාම ඉක්මනින් සහන ලබා දීමේ හැකියාව ඇති බවයි.

“මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති අවස්ථාවක, ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම කණගාටුවට කරුණක් යැයි ආණ්ඩුවට චෝදනා කළේය. මම ජනාධිපතිතුමාට පවා මේ ගැන කීවත්, තවමත් එය ඉටු කර නැහැ. අවම වශයෙන් ආණ්ඩුව මේ ගැන ඇති අණපනත් ගැනවත් දන්නේ නැහැ!”.

Related posts

கொச்சிக்கடையில் வெடிப்புச் சம்பவம்

Mohamed Dilsad

ஐக்கிய அரபு இராச்சியத்துக்கு 160 ஏவுகணைகளை விற்பனை செய்ய அமெரிக்கா தீர்மானம்

Mohamed Dilsad

Lalith Weeratunga at Police SIU

Mohamed Dilsad

Leave a Comment