Trending Newsඑසැන පුවත්දේශීය

දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිත මහා ගංවතුර අවධානමක්…?

දැදුරු ඔය පහළ ද්‍රෝණියට අදාළ ප්‍රදේශවල තදබල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දැනටමත් දැදුරු ඔය ද්‍රෝණියට අයත් පරිපාලන කොට්ඨාස ගණනාවක ජල මට්ටම් ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය බලපාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රසනායකපුර ය.

පසුගිය පැය 24 පුරාවට දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මැද කොටස්වලට වැටුණු වැඩි සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් දැනටමත් තත්පරයකට ඝන අඩි 33,000 ක අධික වේගයකින් ජලය දැදුරු ඔයට නිකුත් කරමින් ඇත.

දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් වහාම දැඩි අවධානයක් යොමු කරන ලෙසය.

එමෙන්ම, කුඹුක්කන් ඔය ආශ්‍රිත පහත් බිම් සඳහා මෙතැන් සිට ඉදිරි පැය 12 ඇතුළත තදබල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ.

මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ – නක්කල, කුඹුක්කන සහ මාදුරු කැටිය, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ – ඔක්කම්පිටිය සහ ගාමිණිපුර, මෙන්ම නිල්වලා, කැළණි ගඟ, බදුලු ඔය සහ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ද ජල ගැලීම් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති  අඩු පීඩන කලාපය මේ වන විට  පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ  දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ  කේන්ද්‍රගත වී ඇත.එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්  ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත.නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වල ඉතා තද වැසි පැවතිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුර දක්වා වන දිශා වලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය  හැක. 

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Related posts

“Udayanga Weeratunga arrested,” Minister Rajitha confirms

Mohamed Dilsad

Hell’s Gate: Kenya tour group swept away by flash flood

Mohamed Dilsad

Colombo Oriental Choir stuns Sri Lanka with Christmas performance [VIDEO]

Mohamed Dilsad

Leave a Comment