Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ ජිප්රථයක්, පොලිස්පතිගේ නිලරථයේ ගැටේ

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ගමන් ගත් නිල මෝටර් රථය හා රාත්‍රි ආරක්ෂක නිලධාරින් ගමන් ගත් ජීප් රථය එකිනෙක ගැටී පෙරේදා (18) රාත්‍රියේ අනතුරක් සිදුව ඇතැයි වැලිකඩ පොලිසිය සඳහන් කරයි

අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර වාහන දෙකටම අලාභ හානි සිදුව ඇතැයි වාර්තා වේ.

පොලිස්පතිවරයා ගමන් ගත් මෝටර් රථය බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ගමන් කරමින් තිබියදී රාජගිරිය ගුවන් පාලම ආරම්භක ස්ථානයේදී එම රථයට ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයේ ක්ෂණිකව නවතා ඇති අතරේ ඒ අනුව පොලිස්පතිවරයාගේ නිල රථයද නවතා ඇත.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයාගේ නිල රථයට පිටුපසින් පැමිණි ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් ජීප් රථය නවතා ගැනීමට නොහැකිව පොලිස්පතිවරයා ගමන් ගත් නිල රථයේ ගැටී අනතුරුව එම නිල රථය ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් නවතා තිබූ මෝටර් රථයේ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස්පතිවරයාගේ ආරක්ෂක රථය නවත්වා ගැනීමට තිරිංග තද කළ ද අධික වර්ෂාව හේතුවෙන් ලිස්සා ඉදිරියට ඇදී ගොස් මේ අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

සිදුවූ අනතුරින් පොලිස්පතිවරයාගේ නිල රථයේ පිටුපස ඩිකිය බෆරය තැළී ඇතුළට එබී ඇති අතර ඉදිරි බෆරයේ වම්පස තැළී අලාභ සිදුවී ඇත. 

එසේම ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් ජීප් රථයේ ඉදිරි බෆරය තැළී අමතර පහන්වලට අලාභ සිදු වී ඇත.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වැලිකඩ පොලිසිය සිදුකරයි. 

මූලාශ්‍රය – අරුණ

Related posts

பிரபல பாடகர் அமல் பெரேரா உட்பட 3 பேர் விடுதலை

Mohamed Dilsad

එජාප විශේෂ විශේෂ සාකච්ඡාවක් සිරිකොතේදී

Mohamed Dilsad

ஶ்ரீலங்கா சுதந்திரக் கட்சியின் மத்திய செயற்குழுக் கூட்டம் இன்று(1)

Mohamed Dilsad

Leave a Comment