Trending News

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට විනය ක්‍රියාමාර්ග

පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කර තිබේ. .ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ලලිත් පතිනායක, තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරනු ඇත. 

අදාළ ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා බස්නාහිර පළාත්  භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිෂම අනුමැතිය ලබා දී තිබේ. 

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විදෙස් සංචාරයක නිරතව සිටීම හේතුවෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මේ වන විට වැඩ බලන පොලිස්පති ධූරයේද කටයුතු කරයි. 

Related posts

பத்து வருடங்களுக்கு பின் பாகிஸ்தான் செல்லவுள்ள ஐ.சி.சி நடுவர்கள்

Mohamed Dilsad

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාවට ජනපතිගෙන් නිවාස

Mohamed Dilsad

நாட்டின் சில பாகங்களுக்கு பிற்பகல் 2 மணிக்குப் பின்னர் மழை அல்லது இடியுடன் கூடிய மழை…

Mohamed Dilsad

Leave a Comment