Trending Newsඑසැන පුවත්දේශීය

අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වි සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම දෙසැම්බර් මස 15 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය. 

මෙම ඉල්ලීම අද (03) කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී මෙම ඇප ඉල්ලීමට අදාළ විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 28 වනදා ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

ඉන් අනතුරුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය දෙසැම්බර් මස 15 වනදා සිදු කිරීමට ද නියම කළේය.

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාර අලි රොෂාන් නැමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කරනු ලැබීය. 

එම සිර දඬුවමට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු තමන්ව ඇපමත මුදා හරිණ ලෙස ඉල්ලමින් අලි රොෂාන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Related posts

Germany knocked out of 2018 World Cup

Mohamed Dilsad

Two dead, 18 injured during faith healing session

Mohamed Dilsad

யாழில் பாதுகாப்பு அதிகரிப்பு!

Mohamed Dilsad

Leave a Comment