Trending Newsඑසැන පුවත්දේශීය

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර..- ඇමති විජිත

රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමේ දී මතුව ඇති ගැටලු සහ මරණ සම්බන්ධයෙන් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දෙනු ලැබූ මගපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇති වන ප්‍රමාදය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්චා කර ඇත.

හෙදියන් රාජකාරී කිරීමේ දී පවතින නීති රාමුව තුළ තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි ඇඳුම් ඇදීමට කිසිඳු නෛතික බාධාවක් නැති බව පෙන්වා දුන් අතර මරණ සම්බන්ධයෙන් කොවිඩ් සමයට පෙර තිබූ අයුරින් ම අවසන් කටයුතු කිරීමට අදාළ චක්‍රලේඛ දැනටමත් නිකුත් කර ඇති බවත් යයි ඇමතිවරයා පෙන්වා දී තිබේ.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම හමුවට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් යන මහතුන් ද සහභාගී වූහ.

මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් නියෝජනය කරමින් මවුලවිවරුන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු සංවිධාන 15ක නියෝජිතයින් 30ක් එක්ව සිටියහ.

Related posts

Maldivian Coast Guard detains boat with Lankans on-board

Mohamed Dilsad

Report on restructuring fines for road rule violations presented to President

Mohamed Dilsad

ஆயிரக்கணக்கான வீடுகளுக்கு மின் விநியோகம் தடை

Mohamed Dilsad

Leave a Comment