Trending Newsඑසැන පුවත්දේශීය

ලක්මාලි හේමචන්ද්‍ර ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පැමිණිල්ලක්

ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින්, අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් භාර දී ඇත.

මෙම ලිපිය භාර දීම සඳහා නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, ආසන ක්‍රියාකාරී ජයසිංහ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාශ සංවිධායක සමන් රණතුංග යන මහත්වරු සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, පසුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් ප්‍රසිද්ධියේ විවේචනය කළ බවත්, එම තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත්ය.

“ මාලිමා ආණ්ඩුව උත්සහ කරනවා දැන් එය සාධාරණීකරණය කරන්න එය පරිපාලනමය කටයුත්තක් කියලා. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන්නේ ලක්මාලි මන්ත්‍රිතුමිය අධිකරණයට අපහාස කර නැති බවත්, එහිදී සිදුකර ඇත්තේ පරිපාලනමය සාකච්ඡාවක් පමණක් බවත්ය. නමුත් දඬුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය මහතා විසින්ද සිදුකර ඇත්තේ අධිකරණ තීන්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක නොකර සිටිමයි,” ඒ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් චෝදනා කළේ, ලක්මාලි මන්ත්‍රීතුමියගේ ක්‍රියාවෙන් පැහැදිලි වන්නේ “මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට පමණක්ද” යන්න පිළිබඳව සැකයක් මතුවන බවයි.

“අධිකරණ තීන්දුවක් නීතිඥවරියක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස අමු අමුවේ විවේචනය කිරීම අධිකරණයට සිදුකළ බරපතල අපහාසයක්. එස්. බී. දිසානායක, රන්ජන් රාමනායක වැනි දේශපාලඥයින්ටත් නීතිය තදින් ක්‍රියාත්මක වූවා සේම, ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියට වහාම නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන්නැයි අපි අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා,” ඔහු කියා සිටියේය.

නාලක බණ්ඩාර මහතා අවධාරණය කළේ, මන්ත්‍රීවරියගේ නීතිඥභාවය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවයි. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දෙස මුළු රටම බලා සිටින බව නව ජනතා පෙරමුණ පෙන්වා දෙයි.

තවද, “පොලිස්පතිවරයාට පොලිස් සේවා කොමිෂන් සභාවේ බලතල ලබාදී පොලිසියේ ස්ථානාධිපතිවරු සීයයකට ආසන්න ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ලබා දී පොලිසීය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කර” ඇති බවත්, දැන් රජය අධිකරණයට බාධා කිරීමට සූදානම් වන බවත් බණ්ඩාර මහතා චෝදනා කළේය.

නව ජනතා පෙරමුණ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට සිදුකළ අපහාසය වෙනුවෙන් එම අධිකරණයේම නඩු පැවරීමට අපේක්ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ විය

Related posts

Sri Lanka vs England, 3rd Test Day 4: ENG win by 42 runs, win series 3-0

Mohamed Dilsad

காலநிலையில் மாற்றம்…

Mohamed Dilsad

“Politicians instigating violence must be punished” – MP Wijepala Hettiarachchi

Mohamed Dilsad

Leave a Comment