Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ බොරුව, මුසාව සහ මුලාව නිසා රටේ ආර්ථිකය අවධානමේ

සමගි ජන බල­වේ­ගය ජන­තා­වගේ ප්‍රශ්න අව­බෝධ කර ගත් ශක්ති සම්පන්න බල­වේ­ග­යක් ලෙස කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංස­දය අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නාය­ක­ව­රයා මෙලෙස ද කීවේය. ලක්ෂ 220ක් අපේ රටේ ජන­තාව මෑත කාලයේ ජනා­ධි­ප­ති­ව­රණ දෙක­කදී රැව­ටුණා. 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු රට බංකො­ලොත් වූණා. 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී බොරුව, මුසාව සහ මුළාව නිසා රට අන්ත­රා­දා­යක තත්ත්ව­යට පත් වුණා. වසර 2028 රට මුහු­ණ­දී­මට නිය­මිත අභි­යෝ­ගය ගැන හොඳ අව­බෝ­ධ­යක් තිබිය යුතුයි. 2028 වන විට වාර්ෂි­කව ඩොලර් බිලි­යන 5ක ණය ගෙවී­මට සිදු වෙනවා. එය සිදු කිරීම නම් රටේ ආර්ථික වර්ධන වේගය වේග­වත් විය යුතුයි. කර්මාන්ත, කෘෂි­ක­ර්මාන්ත, සංචා­රක, සේවා ආදී සෑම ක්ෂේත්‍ර­ය­කම දියු­ණු­වක් සිදු විය යුතුයි. එසේ කළොත් 2028 සිට ණය ගෙවී­මට හැකි වෙනවා. නමුත් මේ යන වේග­යට ගියොත්, මේ යන ආකා­ර­යට ආර්ථි­කය වර්ධ­නය නොවු­ණොත්, ලැබිය යුතු ඍජු විදේශ ආයෝ­ජ­න­ව­ලින් ලැබෙන්නේ තුනෙන් එකක් නම් ණය ගෙවිය නොහැ­කිව නැවත වරක් බංකො­ලොත් වෙනවා

පසු­ගිය ආණ්ඩුව අයි.එම්.එෆ්. ගිවි­සුම ගැන උප­දෙස් දුන් ආර්ථික උප­දේ­ශ­ක­ව­රුන් කියන්නේ මේ යන ක්‍රම­යට නම් ණය ගෙවන්න බැරි බවයි. ඒ අයම තමයි 2033 සිට ණය ගෙවිය යුතුව තිබි­යදී 2028 ණය ගෙවිය යුතු වසර ලෙස තීන්දු කළේ.

2028දී ණය ගෙවන්න බැරි වුණොත් බංකො­ලොත් යන නාමය රටට ලැබෙ­නවා. අයි.එම්.එෆ්. එක 2033 සිට ණය ගෙවන්න ප්‍රමා­ණ­වත් යැයි කිය­ද්දීත් 2028 ණය ගෙවන්න පොරො­න්දුවී තිබෙ­නවා. ඒ සඳහා මේ වසර තුනේ ශීඝ්‍ර ආර්ථික වර්ධ­න­යක් ලබා ගත යුතුයි. විදේශ සංචිත පවත්වා ගෙන යා යුතු වුවත් සිදු වන්නේ රැව­ටිල්ල, බොරුව පම­ණයි.”

රක්ෂණ ශ්‍රියන්ත

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

Mohamed Dilsad

විභාග මධ්‍යස්ථානවල ගැටළු සඳහා විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

චරිතය ඝාතනය කරන, ජාතින් අතර වෛරය ක්‍රෝධය වපුරන, අසත්‍ය ප්‍රකාශ කිරීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අගෞරවයක්

Mohamed Dilsad

Leave a Comment