Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රභූ ආරක්ෂාව ගැන ආණ්ඩුව යළි හිතයි

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වාර්තා මත ප්‍රභූ ආර­ක්ෂක කොට්ඨා­සයේ නිල­ධා­රීන් යෙද­වීම සම්බ­න්ධ­යෙන් වෙන­ස්කම් රැසක් සිදු කිරී­මට ආණ්ඩුව තීර­ණය කර තිබේ.

මේ යටතේ ප්‍රභූ ආර­ක්ෂාව දී ඇති පුද්ග­ල­යන්ගේ ආර­ක්ෂාව ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් මෙතෙක් තීර­ණ­යක් ගෙන නැතත්, ඔවුන්ට දිය යුතු නිල­ධා­රීන් සංඛ්‍යාව පිළි­බඳ නව සමා­ලෝ­ච­න­යක් සිදු කිරී­මට නිය­මි­තය. එසේම සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විවිධ සේවා සඳහා යොදවා ඇති ස්ථාන පිළි­බඳ විධි­මත් වාර්තා­වක්ද ආණ්ඩුව ලබා­ගෙන තිබේ.

ඒ වාර්තා­වට අනුව සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ගේ සේවය ගන්නා ස්ථාන වර්ගී­ක­ර­ණය කොට, ඒ ස්ථාන­ව­ලට අනු­යුක්ත කෙරෙන නිල­ධා­රීන් සංඛ්‍යාව කොප­ම­ණද යන්න සම්බ­න්ධ­යෙන් ද තීරණ කිහි­ප­යක් ගැනී­මට නිය­මි­තය.

ඒ නිල­ධා­රීන් වඩාත් කාර්ය­ක්ෂම සහ විධි­මත් ලෙස ආර­ක්ෂක සහ වෙනත් කට­යුතු සඳහා යොද­වා­ගැ­නීමේ අර­මු­ණින් මේ තීර­ණය ගෙන ඇති අතර, සිවිල් ආර­ක්ෂක නිල­ධා­රීන්ගේ සේවය අලු­තින් ඉල්ලා ඇති ස්ථාන සම්බ­න්ධ­යෙන්ද මේ යටතේ තීර­ණ­යක් ගැනී­මට නිය­මි­තය.

Related posts

අධිකරණයේ දුරකථනය නාදවීමකට අදාළව බන්ධනාගාර ගත කළ පුද්ගලයා මිය ගිහින් : මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානි සහ පපුවේ වම්පසට පහරදීමෙන් ඉළ ඇට බිඳිලා

Editor O

Two new SLFP Organisers appointed

Mohamed Dilsad

යෞවන යෞවනියන් අතර, එච්අයිවී අවධානම ඉහළ ට.

Editor O

Leave a Comment